Sign In / Login
Register
Positivity

ඒබ්‍රහම් හික්ස්ගේ තත්පර 17 නීතිය Abraham Hicks's 17 seconds rule | Law of Attraction

October 8th, 2021 1237 VIEWS

ආකර්ෂණ නීතිය පිළිබඳව විශ්වාස කරන සහ ප්‍රායෝගිකවම එය ක්‍රියාත්මක කරන ඔබට මෙම ඒබ්‍රහම් හික්ස් විසින් හඳුන්වාදෙන ලද තත්පර 17 නීතිය අතිශය වැදගත් වේවි.සුවිශේෂී කරුණ නම් මෙය ඉතාමත් කෙටිම කෙටි කාලයක් තුළ ක්‍රියාත්මක කළ යුතු කළ හැකි එකක් වීමයි.අපේ සිත යනු එහි සිතිවිලි ක්‍රියාකාරිත්වය නිසා සැනින් වෙනස් වන්නකි.එවැනි හිතක් එවැනි මනසක් සමඟ ගනුදෙනු කිරීම සිතන තරම් පහසු දෙයක් ද නොවේ.එනිසාම මනස සමඟ කරන මෙම ගනුදෙනුව ඔබට ඉතාමත් වැදගත් එකක් වේවි.සැනින් සිතිවිලි ඇතිවීම සහ නැතිවීම සාමාන්‍ය ලක්ෂණයකි.නමුත් ඔබ භාවනාව ,යෝගා ව්‍යායාම ,ආකර්ෂණ නීතිය තුළින් මනස පුහුණු කළ අයෙක් නම් එක් සිතිවිල්ලක් මනස තුළ කාලයක් රඳවා තබාගැනීමේ හැකියාව ඔබ සතුවත් ඇති.

ඉහත ආකාරයට එක් සිතිවිල්ලක පිහිටා කටයුතු කිරීමේ හැකියාව ඔබට නැත්නම් මෙම තත්පර 17 නීතිය ඔබ වෙනුවෙන් සැදුම්ලත් එකක් බව කිවයුතුයි.සැබැවින්ම මෙහිදී සිදුවන්නේ තත්පර 17ක් වැනි ඉතාමත් කෙටි කාලයකදී එකම අරමුණක ,එකම සිතිවිල්ලක පිහිටා සිටීමේ හැකියාව, පුහුණුව මනසට ලබාදීමයි.එමෙන්ම එම සිතිවිලි සහිතව චිත්ත රූප මැවීමයි.ඒ සඳහා ඔබ කළ යුතු වන්නේ ඉතාමත් පහසු දෑ කිහිපයකි.

මේ සඳහා ඔබ තෝරාගන්නා පරිසරය ඉතාමත් වැදගත්.එනිසාම නිහඬ ,බාහිර බාධක නොමැති පරිසරයක් තෝරාගන්න.එය ඔබේම තැනක් කරගැනීමටත් මෙතෙක් ඇති සිතිවිලිවලින් මනස නිදහස් කරගැනීමටත් සැහැල්ලු සිතින් යුක්තව සිටීමටත් වැඩි අවධානයක් ලබාදීමට උත්සාහ කරන්න.

පීඩාකාරී බවින් මනස නිදහස් කරගැනීමත් මෙහිදී ඉතාමත් වැදගත්.මන්ද ඔබ සිතිවිලි අතර ගැටෙන ආතතියකින් යුක්ත නම් චිත්ත රූප මැවීම ,සිත එක අරමුණක තබාගැනීම අතිශය දුෂ්කර එකක් බවට පත්වේ.

අවට පරිසරය හිතකර එකක් බවට පත්කරගැනීමෙන් පසු ඔබට අවශ්‍ය එකම අරමුණක් පිළිබඳව එක දිගටම තත්පර 17ක කාලයක් චිත්ත රූප මැවීම පහසුවෙන් ඔබට කළ හැකිය.මෙලෙස චිත්ත රූප මවන්නේ මොනවා සම්බන්ධවද යන ගැටලුව ඔබට ඇති.ඔබට මුදල් අවශ්‍ය යැයි සිතන්න.ඒ අනුව ඔබට දැනටමත් එම මුදල් ලැබී ඇති බවත් ඔබ ඒවා වියදම් කරන ආකාරයත් ,ඔබ ඔබේ මුදල් තවත් අයට පරිත්‍යාග කරන ආකාරයත් මනසින් දකින්න.මේ තත්පර 17ක ඉතාමත් කෙටි කාලය පුරාවටම වෙනින් යමක් ගැන නොසිතා ඔබ ඔබේ අරමුණ ගැන පමණක් සිහියේ තබාගන්න ප්‍රවේසම් වන්න.

මීට අමතරව ඔබ මුහුණදුන් විභාගයක් ඉහළින්ම සමත්ව ඇති අයුරු ,ඔබට හමුවීමට අවශ්‍ය අයෙක්ගේ හමුවීමක් ,බලාපොරොත්තුවෙන් සිටි රැකියාව හිමිවීම යනාදි විවිධ දෑ කෙරෙහි මෙලෙස ඔබට ඔබේ මනස මෙහෙයවිය හැකියි.වැදගත් වන්නේ එය ඔබට කෙතරම් අත්‍යාවශ්‍ය ද ඔබ ඒ කෙරෙහි තබා ඇති විශ්වාසය කොපමණ ද ,ඔබ ඒ වෙනුවෙන් කරන කැපකිරීම් ප්‍රමාණය කොපමණ ද යන්නයි.

එක අරමුණක පිහිටා මනස ක්‍රියාත්මක කිරීමට තරම් හැකියාවක් ඔබට නැත්නම් භාවනාව සහ චිත්ත රූප මැවීම තුළින් ඔබට එය පුහුණු වියහැකිය.එවිට තත්පර 17 තුළ සිතිවිලි අතර නොගැටී ඉතාමත් සාර්ථක ලෙස රූප මැවීම ඔබට කළ හැකිය.දිගින් දිගටම කාලයක් තිස්සේ මෙසේ රූප මැවීම ඔබ මනසින් දකින චිත්ත රූප ඇස් ඉදිරිපිටම සැබෑවක් කිරීමට ප්‍රබල හේතුවක් වනවා නොඅනුමානය.වැදගත් වන්නේ ඔබ තුළ ඇති විශ්වාසයයි.

Related Articles

Be motivated everyday
Best motivations books to read
ව්‍යාජ මිතුරන් පමණක් කරන දේවල් 7ක් | 7 Things Only Fake Friends Do

LEAVE A REPLY